Episode 109 | බිත්තර කොත්තු හදන හැටි | බිත්තර කොත්තු | egg koththu recipe sinhala| biththara kottu
Автор: Miss Baker Kitchen
Загружено: 2023-06-17
Просмотров: 9702
Описание:
Episode 109 | බිත්තර කොත්තු හදන හැටි | බිත්තර කොත්තු | egg koththu recipe sinhala
#kottu #koththu #kotturoti
කොත්තු රොටී (හෝ කොත්තු) යනු ගෝදම්බ රොටී, එළවළු, බිත්තර සහ/හෝ මස්, හා කුළුබඩු ආශ්රයෙන් සකසා ගන්නා ශ්‍රී ලාංකික ආහාර වට්ටෝරුවක් වේ.
කොත්තු රොටිය ආශ්‍රිතව නිර්මාණය වූ විකල්ප කොත්තු වර්ග ඇත.
නූඩ්ල්ස් කොත්තු
කොස් කොත්තු
චීස් කොත්තු
ඩොල්පින් කොත්තු
එකක්. කියවල ම බලන්නකෝ.
1. මසාලා කොත්තු
මසාලා කොත්තුවේ තියෙන විශේෂත්වය තමයි ඒකෙ තියෙන ස්පයිසි ගතිය.කටට සැරට කොත්තුවක් කන්න කැමති උදවියට එකෙන් ම ගැලපෙන්නේ මේක තමයි.
2. චීස් කොත්තු
ගොඩක් වෙලාවට චීස් කොත්තු එන්නේ චිකන් චීස් කොත්තු විදියට. ගොඩක් වෙලාවට හැපි කව් චීස් කෑල්ලක් දෙකක් එක්ක, එළකිරි බෝතල් බාගයක් වගේ දාලා තමයි චීස් කොත්තුව හදන්නේ.
3. පලන්දි කොත්තු
පිස්සු හැදෙන රසක් තියෙන මීකිරි දාලා ගැහුවට මොකද දැන් මේකේ තියෙන්නේ චීස්. හැන්දට ගත්ත ම අර හොඳට හදපු පැස්ටා එකක වගේ උණු චීස් බේරෙනවා.
4. ඉඳි ආප්ප කොත්තු
සාමාන්‍ය කොත්තුව හැදෙන්නේ රොටිත් එක්ක වුණාට, මේකට පාවිච්චි වෙන්නේ ඉඳි ආප්ප. ඒ නිසා රොටි කොත්තුවල තරම් බරක් දැනෙන්නේ නැහැ බඩට.
5. ඩොල්පින් කොත්තු
ඩොල්පින් මාළුවලින් හදන කොත්තුවක් නෙවෙයි. නම කොහොම හැදුනද කියලා හිතාදන්න බැරි වුණත්, මේකට යොදාගන්නේ නම් පරාටා රොටි.මේ කොත්තුවත් ගොඩක් ස්පයිසි. මොකද කෑලි මිරිස් එහෙම නොසෑහෙන්න දානවනේ. හොඳ සැරට හදපු චිලී පේස්ට් එකකුත් දෙනවා.
6. පාන් කොත්තු
පාන් කොත්තු කියන්නේ ගෙදරදී වුණත් හදාගන්න පුළුවන් ජාතියේ එකක්. හැබැයි ඒ වැඩේ කරන්න කම්මැලි නම්, පොඩ්ඩක් ළඟ පාත තියෙන පිලාවුස් එකකින් අහලා බලන්නකෝ. හැබැයි පාන් ගෙඩියකුත් අරගෙන යන්න හොඳේ. ඊටපස්සේ කැමති මසක් දාලා කොත්තුව ගහගන්න ඇහැකි.
7. පිට්ටු කොත්තු
මනි පිට්ටු දාලා හදන මේ වගේ රස මාලු පිට්ටු කොත්තුවක් කන්න .
8. ආප්ප කොත්තු
හැමදාම ලුණු මිරිසත් එක්ක දෙසාබාන ආප්පේ වෙනුවට, ආප්ප කොත්තුවක් කමු ඉක්මනින්ම.
9. වොෆල් කොත්තුව
කාලා තියෙනවද වොෆල් කොත්තුවක්? මේක තමයි මෑතකදී කොළඹ කොත්තු රවුමට එකතු වෙච්ච අලුත් ම කොත්තුව. මරදානේ ෆුඩ් ස්ටේෂන් එකේ තියෙනවා “ද වොෆල් ඉන්ක්” කියලා තැනක්. වොෆල්වලට ම වෙන් වෙච්ච මෙතැන තමයි මේ කොත්තුව හැදෙන්නේ.
16. නෝ කාබ් කොත්තු
රොටි වෙනුවට බිත්තර දාලා හදන මේ නෝ කාබ් කොත්තුව තියෙන්නේ කෑම සූත්‍ර එකේ. පිටි ගිලින එක අමතක කරලා, පොඩ්ඩක් ඇඟට ගුණ විදියට කොත්තුව කන්න ඕනේ නම්, මේක හොඳ විකල්පයක්.
17. වෙජි කොත්තු
මස් මාළු නොකන අපේ ඇත්තන්ගේ බඩ කට පුරවන්න ඉන්න මිත්‍රයා තමයි මේ. ඔය වටේ පිටේ තියෙන ඕනේ ම කොත්තු කඩේකින් ගන්න ඇහැකි. මස් මාළු නැති පාඩුව මකන්න ලීක්ස්, තක්කාලි, අල, ළූණු, කැරට් වගේ එළවලුවලින් මේ කොත්තුව සම්පූර්ණ වෙනවා.
මේ හැරුණා ම බිත්තර කොත්තු, මාළු කොත්තු වගේ ජාතිත් තියෙනවා. ඕවත් ඔය ඕනේ ම කොත්තු කඩේකින් ගන්න ඇහැකි. හැබැයි ඉස්සර තිබුණු කොස් කොත්තු එහෙම නම් දැන් හොයාගන්නවත් නැහැ. අපට මඟහැරුණු තවත් කොත්තු වර්ග තියෙනවනම්, දාන්නකෝ අපට කමෙන්ට් එකක්. අපට විතරක් නෙවෙයි, අපේ යාළුවන්ටත් දැනගන්න ඇහැකිනේ.
මගේ මේ වීඩියෝ එකට කැමතිනම් Like එකක් දාන්න අමතක කරන්න එපා 🙂
තෙල් මේස හැඳි එකයි
කරපිංචා රම්පේ
හීනියට කපාගත් අමු මිරිස් කරල් තුනයි
ටිකක් මහතට ලියා ගත්ත ළූණු ගෙඩියක්
ලුණු තේ හැඳි එකා මාරයි
කුඩාවට කපාගත් හොඳට ඉදුණු තක්කාලි ගෙඩියක්
හීනියට great කරගත්ත කැරට් ගෙඩියක්
කුඩාවට කපා ගත්ත පොඩි ලීක්ස් ගහක්
කෑලි මිරිස් මේස හැඳි එකක්
සුප් කැට කාලක්
කඩේ විකුණන්න තියෙන කොත්තු කෑලි 250gක් කාමර උෂ්ණත්වයේ
තියෙනවා නම් පිස ගත්ත ඉස්සො හතරදෙනෙක්
ඔයා මගේ වීඩියෝ එකට කැමතිනම් ප්‍රයෝජනවත් කියලා හිතෙනවනම් like එකක් දාන්න අමතක කරන්න එපා
බොහොම ස්තූතියි සුභ දවසක් ආයුබෝ වේවා
#kottu #koththu #kotturoti
Повторяем попытку...
Доступные форматы для скачивания:
Скачать видео
-
Информация по загрузке: