12 වන හොල්මන් කතාව ❤️
Автор: 𝖗𝖐_𝖕𝖆𝖌𝖊 𝖘𝖎𝖓𝖍𝖆𝖑𝖆
Загружено: 2025-12-05
Просмотров: 1522
Описание:
මේක මට අත්විඳින්න ලැබුණු බය හිතෙන සිද්ධියක්. ඇත්ත ම කිව්වොත් එකක් නෙමේ, සිද්ධි තුනක් දවස් තුනක වුණ. විශ්වාස කරයි ද නම් දන්නෙ නෑ. ඒත් මේක මට වුණ පළවෙනි සිද්ධිය. මම වැඩ කරන්නෙ සිකුර්ටි සවිස් එකක. ඉන්නෙ පෞද්ගලින පාසලක. මම රෑට ඉන්නෙත් එහෙමයි. කොහෙවත් යන්නෙ නෑ. දවසක් මම රෑ වැඩ ඉවර වෙලා 10.00ට විතර කාලා, නාගෙන ටිකක් නිදාගන්න කියල ආවා. නිදාගන්නෙ බිම සියෙස්ට්රා එකක. නිදාගන්න තියෙන්නෙත් ටිකක් ගරාවැටුණු පොඩි කාමරේක. හැමදා ම වගේ මම ඉතින් පෝන් එකේ ගේම් එකක් එහෙම ගහලා 11.30ට වගේ නිදාගන්න හැදුවා. ටිකක් වෙලා යනකොට මට නින්ද යාගෙන ආවා. මං හිතන විදිහට ඒ වෙනකොට 12.00 පහුවෙලා. මම අඩ නින්දෙ හිටියෙ. ටික වෙලාවක් යනකොට මට දැනුණා මගේ ඇඟ ගල්වෙලා වගේ. මම හෙල්ලෙන්න හැදුවා. කතා කරන්න හැදුවා. පෝන් එක අතට ගන්න අත උස්සන්න හැදුවා. ඒත් බෑ. මට දැන් ටිකක් බයත් එක්ක, මොකද මම විතරයි මේ ඉස්කෝලෙට ම ඉන්නෙත්. දැන් දාඩියත් දාලා. ටික වෙලාවක් මම හෙල්ලෙන්න, කෑගහන්න හැදුවා. බෑ. මම හෙමීට ඇස් අරින්න උත්සාහ කළා. ටිකක් වෙලා උත්සාහ කරන කොට ළාවට වගේ මගේ ඇස් ඇරුණා. එතකොට දැක්ක දේ හින්දා මම හොඳට ම බය වුණා. මම දැක්කා මගේ මූණෙන් මගේ ඔළුවට උඩින්, ඒ කියන්නෙ මම නිදාගෙන ඉන්නකොට ඔළුව දාලා තියෙන පැත්තෙ උඩින්, පිටිපස්සෙ ඉඳන් කවුරුහරි කෙනෙක් කළු පාට අතකින් මගේ මූණ තදකරගෙන ඉන්නවා. මගේ ඇහැට උඩින් මම ඇගිලි 3ක් දැක්කා. මූණක් බලාගන්න මට හරියට ම බැරි වුණා. මොකද මම භාගෙට ඇස් ඇරගෙන හිටියෙ. මම ඒ දැක්ක ගමන් ටිකක් බය වුණ නිසා මූණ බලන්න උත්සාහ කළේ නෑ. බය වුණ නිසා හයියෙන් ඇඟ ගැසුවා. එතකොට ම මගේ ඇඟ ගල්වෙලා තිබුණ එක හරිගියා. මම ටක්ගාලා නැගිටලා කමරේ ලයිට් දැම්මා. ඊට පස්සෙ පෝන් එකේ පිරිත් දාලා, ලයිට් එකත් දාලා ම තියෙද්දි ආයෙත් ඇලවුණා. මට එහෙම්ම ම නින්ද ගියා. පහුවදා මම ඔය සිද්ධිය මෙහේ වැඩ කරන වයසක අංකල් කෙනෙක්ට කිව්වා. එයා ඇහුවා, "ආ.. එහෙනම් පුතාටත් වුණා ද?" කියලා. මම පුදුම වුණා. මම ඇහුවා "ඇයි එහෙම අහන්නෙ?" කියලා. ඊට පස්සෙ ඒ අංකල් කිව්වා, "කලින් මේ ඉඩමෙ කෙනෙක් ව බෙල්ල කපලා මරලා දාලා තිබිල තියෙනවා, දැන් එයාගේ බෙල්ල නැති ආත්මෙ මේ ඉඩමෙ සැරිසරනවා." කියලා. එයා කිව්වා, "මම පළවෙනියා නෙමේ, කලින් හිටපු අයටත් එහෙම වුණා, ඒ අය මෙහෙන් ගියා." කියලා. ඒ පළවෙනි දවසෙ සිද්ධිය. එදා ඉදන් මම හැමදා ම පිරිත් දාලා ලයිටුත් දාලා නිදාගත්තෙ.
උපුටා ගැනීමකි සම්පූර්ණ අයිතිය මුල් හිමිකරු සතුයි
#ghost #ghostory #ghoststorysinhala #ghostsinhala #wattpadsinhalastory #onemillionaudition #onemillion #fyp #foryoupage #foryou #mahasona #horror #creatorsearchinsight #foryou
Повторяем попытку...
Доступные форматы для скачивания:
Скачать видео
-
Информация по загрузке: