Travel with Chatura @ Curd Industry (රුහුණේ මී කිරි ) 2018.10.06
Автор: Travel With Chatura
Загружено: 2018-10-16
Просмотров: 188649
Описание:
රුහුණේ මී කිරි කර්මාන්තය ,,,
මුදවාපු මීකිරි ,මී දෙනුන්ගෙන් දොවාගන්නා කිරි මීකිරි නම් වේ. එලකිරි වලට වඩා මෙය රසයෙන් මෙන්ම ගුණයෙන්ද තරමක් වෙනස්ය. පානයක් ලෙස ලොව ප්ර චලිත නමුත් ශ්රීම ලංකාව තුල එතරම් ජනප්රිසය නැත.
මුදවාපුකිරි , මීකිරි, ශ්රි ලංකාවේ දකුණු පළාත ආශ්රි තව බහුලව දැකිය හැකි කිරි නිෂ්පාදනයකි. විශේෂයෙන්ම වීරවිල ආශ්රිිත ගම්මාන රැසක ප්ර ධාන ආදායම් මාර්ගය මෙම කර්මාන්තය සහ බැ දී පවතී ,මෙම කිරි ආහාරය පෝෂ්යැ පදාර්ථ රැසකින් යුක්ත වූවකි.
මුදවාපු කිරි නිෂ්පාදනයද, යෝගට් නිෂ්පාදන ක්රිායාවලියට සමාන ක්රිථයාවලියකින් යුක්ත වෙයි. මේ සඳහා මී ගවයින්ගේ කිරි යොදා ගන්නා නිසා, මේවා මීකිරි ලෙස හැඳින්වෙයි.
මී ගවයින්ගෙන් දොවා ගත් කිරි, පෙරා උණුකොට ඊට මින් පෙර නිපදවන ලද මුදවාපු කිරි මිශ්ර ණයක් මුහුම් ලෙස යොදනු ලැබේ. (එම මුහුම් තුල ලැක්ටික් අම්ල පැසීම සිදුකරන විවිධ බැක්ටීරියා දර්ශක පවතියි) එමගින් කිරි කැටි ගැසීම සිදුවන අතර, ලැක්ටික් අම්ලය නිසා කිරිවල ඇඹුල් රසයක්ද ඇතිවෙයි.
අතීත කාලයේ සිට මුදවන ලද කිරි සහ වෙනත් කිරි නිපැයුම් සඳහා කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් රුහුණ කීර්තියක් උසුලනු ලැබීය. කෙසේ වෙතත් දශක දෙක තුනක කාල පරාසය තුළ දකුණේ එළ හා මී ගව ගොවීන් කෙරේ මහත් අහිතකර බලපෑම් ඇති කරමින් දකුණු ශ්රීී ලංකාවේ කිරි නිෂ්පාදනය නොයෙකුත් හේතූන් නිසා පරිහානියට පත්වෙමින් පවතී. රටේ ගොවි ආර්ථිකයට ඉමහත් ලෙස දායක වන මිලියන හතරක් පමණ වන සුළු පරිමාණයේ ගොවීන් මත දකුණේ කිරි නිෂ්පාදනය රඳා පවතී. හම්බන්තොට දිස්ත්රි ක්කයේ සිදුකරන ලද සමීක්ෂවණයකින් හෙලිවූයේ සතුන් ඇති කිරීමේ යෙදී සිටින පවුල් අතරින් 76% ක් සතුව එළ ගවයන් ද 33% සතුව මී ගවයන්ද ඇත. එළ ගව පට්ටි අතරින් 90% ක පමණ එක් පට්ටියක සතුන් දහයකට අඩු ප්රීමාණයක් ඇති අතර 46% ක පමණ එක් පට්ටියක සතුන් පස්දෙනෙකුට වඩා අඩුවෙන් සිටී.දකුණු පළාතේ එළ හා මී ගවයන් ඉතා අඩු පහසුකම් යටතේ ඇති කරනු ලැබේ
මී ගවයින් වර්ග
මූරා
• ඉන්දියාවේ පන්ජාබයේ සම්භවය වී ඇත.
• ශරීර වර්ණය කළු / තද අළු පැහැය වේ.
• අං කුඩා වන අතර ඒවා පසුපසටත් යටටත්, නැවත උඩ අතටත් කැරකී ඇත.
• පිරිමි සතෙකු 700 kg - 900 kg වන අතර ගැහැණු සතෙකු 600 kg - 700 kg වේ.
• එක් මුරයකදී කිරි 1800 l - 2500 l ලබාගත හැක.
• කිරි වල මේද ප්රිතිශතය 6% - 7% පමණ වේ
සූර්නි
• ඉන්දියාවේ පන්ජාබ් ප්රාශන්තයේ සම්භවය වී ඇත.
• ශරීර වර්ණය අළු / දුඹුරු පැහැය වේ.
• අං දෑකැත්තක හැඩැතිය.
• පරිණත පිරිමි සතෙකු 500 kg - 700 kg වන අතර ගැහැණු සතෙකු 400 kg - 600 kg වේ.
• එක් මුරයකදී කිරි 1800 l - 1200 l ලබාගත හැක.
• කිරි වල මේද ප්රිතිශතය 7.5 % කි.
නිලිරවි
• ඉන්දියාවේ හා පකිස්තානයේ සම්භවය වී ඇත.
• ශරීර වර්ණය කළු පැහැය වේ.
• පිරිමි සතෙකු 600 kg - 700 kg වන අතර ගැහැණු සතෙකු 450 kg - 500 kg පමණ වේ.
• එක් මුරයකදී කිරි 1800 l - 2500 l පමණ ලබාගත හැක.
• කිරි වල මේද ප්රිතිශතය 6% - 7% පමණ වේ.
දේශීය මී ගවයා
• ශ්රී ලංකාවේ සම්භවය වී ඇත.
• ශරීර වර්ණය තද අළු / තරමක් දුඹුරු පැහැය වේ.
• අං දෑකැත්තක හැඩැතිය.
• පරිණත පිරිමි සතෙකු 350 kg - 380 kg පමණ වේ.
• එක් මුරයකදී කිරි 500 l - 675 l ලබාගත හැක.
මී කිරි ,ගුණාත්මක ලෙස කෙසේද,හොද මී කිරි සොයාගන්නේ කෙසේ ද .මේ මගින් අප කතා කරනවා ,
Повторяем попытку...
Доступные форматы для скачивания:
Скачать видео
-
Информация по загрузке: