සිරිපා වන්දනා කවි | Siripa Wandana Kavi | අහස් ගව්ව Ahas Gawwa
Автор: අහස් ගව්ව Ahas Gawwa
Загружено: 2022-12-27
Просмотров: 29073
Описание:
දස පෙරුමන් ගුණ සපුරා - මනුලොව වඩිනා දිනයේ
ලුම්බිණි උයනේ අප මහබෝසත් - තබනා පියවර ගානේ
පොළෝ තලෙන් පියුමන් පිපුනා - පිළිගන්නට සිරිපාදේ
සාදරයෙන් වඳිනෙමු අපි හැම - උත්තම මුනි සිරිපාදේ
වඳිමු වඳිමු සම්බුදු සිරිපාදේ - නිවන් පතා වඳිනෙමු සිරිපාදේ
ගුරු දෙවිඳුන් පිය නිරිඳුන් - නළලත රැඳි සිරිපාදේ
දහසක් වු සක් ලකුණින් - බැබලුනි මුනි සිරිපාදේ
රන් පියුමක් විලසින් දිලුනා - සුන්දර මුනි සිරිපාදේ
සාදරයෙන් වඳිනෙමු අපි හැම - උත්තම මුනි සිරිපාදේ
වඳිමු වඳිමු සම්බුදු සිරිපාදේ - නිවන් පතා වඳිනෙමු සිරිපාදේ
සම ලෙස පොළොවේ මැනවින් පිහිටන - රන්වන් මුනි සිරිපාදේ
දික් විලුඹින් හා දිගු ඇඟිලිද - පින් ලකුණැති සිරිපාදේ
අටෝරාසියක් මංගල ලකුණින් - විසිතුරු වූ සිරිපාදේ
සාදරයෙන් වඳිනෙමු අපි හැම - උත්තම මුනි සිරිපාදේ
වඳිමු වඳිමු සම්බුදු සිරිපාදේ - නිවන් පතා වඳිනෙමු සිරිපාදේ
පන්සාළිස් වසක් පුරා - වඩිනා දඹදිව් තලයේ
අප ගෞතම මුනි සඳුගේ - ස්වර්ණ වර්ණ සිරිපාදේ
දේව බඹුන් වඳිති නිතින් - දොහොත් නඟා සිරිපාදේ
සාදරයෙන් වඳිනෙමු අපි හැම - උත්තම මුනි සිරිපාදේ
වඳිමු වඳිමු සම්බුදු සිරිපාදේ - නිවන් පතා වඳිනෙමු සිරිපාදේ
දහස් ගණන් දෙව් මිනිසුන් හට - සළසන්නට සෙත දහමේ
අපි මුනිඳුන් පෙරට තැබූ - ඒ උත්තම සිරිපාදේ
මිහි මඬලත් සැනසුණි එකලෙස - තබනා විට සිරිපාදේ
සාදරයෙන් වඳිනෙමු අපි හැම - උත්තම මුනි සිරිපාදේ
වඳිමු වඳිමු සම්බුදු සිරිපාදේ - නිවන් පතා වඳිනෙමු සිරිපාදේ
වැඩිවිට ගෞතම මුනිඳුන් තෙවරක් - මේ පින්බර ලක් දෙරණේ
සිරිපා පහසින් පිවිතුරු විය - පින්බර ලංකාදීපේ
ලංකාදීපෙට ආසිරි කැන්දන - අප මුනිඳුගෙ සිරිපාදේ
සාදරයෙන් වඳිනෙමු අපි හැම - උත්තම මුනි සිරිපාදේ
වඳිමු වඳිමු සම්බුදු සිරිපාදේ - නිවන් පතා වඳිනෙමු සිරිපාදේ
සමන් සුරිඳුගේ ඇරයුම ලෙස මුනි - සමන්ගිරට වැඩි මොහොතේ
ඉඳුනිල් මිණි මත සිරිපා තැබුමට - ඇරයුම මුනිඳුට ලැබුණේ
අනුකම්පා ඇති මුනිඳුන් - තැබු උතුම් සිරිපාදේ
සාදරයෙන් වඳිනෙමු අපි හැම - උත්තම මුනි සිරිපාදේ
වඳිමු වඳිමු සම්බුදු සිරිපාදේ - නිවන් පතා වඳිනෙමු සිරිපාදේ
සමන් සුරිඳු වඳිනා සිරිපාදේ - සමන් මලින් පුදනා සිරිපාදේ
සමන් පව්වෙ තිබෙනා සිරිපාදේ - ගිමන් නිවාලන මුනි සිරිපාදේ
වඳිමු වඳිමු සම්බුදු සිරිපාදේ - නිවන් පතා වඳිනෙමු සිරිපාදේ
ඉඳුනිල් මිණි මත රැඳි සිරිපාදේ - කඳු මුදුනත බබළන සිරිපාදේ
සමන් සුරිඳු සුරකින සිරිපාදේ - නැගුණු සඳක් වැනි මුනි සිරිපාදේ
වඳිමු වඳිමු සම්බුදු සිරිපාදේ - නිවන් පතා වඳිනෙමු සිරිපාදේ
නිවන් පතා වඳිනෙමු සිරිපාදේ
නිවන් පතා වඳිනෙමු සිරිපාදේ
සාදු! සාදු!! සාදු!!!
Повторяем попытку...
Доступные форматы для скачивания:
Скачать видео
-
Информация по загрузке: