උතුම් බුද්ධ වන්දනාව | @BuddhaBashithaya_18757
Автор: බුද්ධ භාෂිතය
Загружено: 2023-06-13
Просмотров: 248782
Описание:
නමෝ බුද්ධාය!!!
නව අරහාදී බුදු ගුණයෙන් යුත් මාගේ සම්මා සම්බුදු හිමියන් අනෙක විද බාධා මැද මේ සසර ජය ගත්තේ අසරණ වූ අපද මේ ඝෝර වූ සසරින් මුදවා ගැනීමේ අදිටනින් යුතුවයි.නමුත් සියළු සැපයන් අතහැර කල්ප ගණනක් පාරමිතාවන් පුරා සොයා ගත් මේ උත්තරීතර දහම කාමයන්ගෙන් සහ මිත්‍යාවන්ගෙන් වැසී සිටින අසරණ අප හට කෙසේ පහදම් ද යැයි’ සිතන කල්හි අපට අවබෝධ කළ හැකි අයුරින් ඒ උතුම් දහම ඒ උත්තරීතරයන් වහන්සේගේ නිය සිලට ගත් පස් ප්‍රමාණයක තරමින් අපහට දේසා වදාළේය.එයිනුත් දැන් ඉතිරිව ඇත්තේ සුළු ප්රමාණයකි.සතුටට කරුණනම් ඒ ප්‍රනීත වූත් අල්ප වූත් සිසිල් දිය දහර ගලා යන්නේ මාගේ මාතෘ භූමිය තුළ පමණක් වීමයි.
අවාසනාවන්ත කරුණ නම් තව නොබෝ කලකින් ඉතා ආසන්නයේම මේ උතුම් මාණික්‍ය ඇසිපිය හෙළන ක්ෂණකින් අපෙන් ගිළිහීමට නියමිත බවයි.
ඉදින් මාගේ මේ වෑයම සරළ ලෙසත් නිවැරදි ලෙසත් මේ උතුම් දහම් කරුණු අවබෝධයෙන් යුතුව එක මොහොතකට හෝ අවම වශයෙන් තිවිධ රත්නයේ සරණ යෑමටවත් හැකි වන ලෙස මේ දහම් කරුණු පැතිරවීමට දායක වීමයි.(ඒ අග්‍ර වූ පිං ඇති ධර්ම දානයට පිං ඇත්තෝ සහභාගී වෙත්වා!!!)
මේ උතුම් පිං මහිමේ ආනූභාවයේ අප සියල්ලන්ටම නිවන් දක්නා ජාති දක්වා යළි කිසිදු කරුණක් මත කිසිවෙකුටවත් මේ ශ්‍රී සද්ධර්මය මග නොහැරෙත්වා ඒ සත්‍ය වටහා ගැනීමට ප්‍රඥාව ලැබෙත්වා!!!උතුම් වූ සත්පුරුෂ ඇසුරම ලැබෙත්වා!!!කල්‍යාණ මිත්‍ර සේවනයට මේ උතුම් පින හේතු වේවා වාසනා වේවා!!!
සියළු සත්වයෝ,
නිදුක් වෙත්වා - නීරෝගි වෙත්වා-සුවපත් වෙත්වා-දුකෙන් මිදෙත්වා!
සාදූ!සාදූ!!සාදූ!!!
Повторяем попытку...
Доступные форматы для скачивания:
Скачать видео
-
Информация по загрузке: